Friday, 25 March 2011

වෙබ් සයිට් අප්ඩෙට් කරන් දන්නවද?(ඔබේම වෙබ් අඩවියක් නොමිලේම 04)

ඔන්න වෙබ් සයිට් එක අප්ඩෙට් කරන විදිය කියල දෙන්න තමයි මේ සූදානම.මුලින්ම කරන් තියෙන් ඔබ විසින් වෙබ් පෙජ් මෙකර් ආදාරයෙන් සාදාගත් වෙබ් අඩවිය වෙබ් පෙජ් මෙකර් මගින් විවුර්ත කරගන්න.දැන් ඔබට වෙනස්කලයුතු එහෙම නැතිනම් අප්ඩේට් කිරීමට බලාපොරොත්තුවන වෙනස්කම් සිදුකරන්න.අව්ශ්ය සියලු වෙනස්කම් සිදුකල පසුව අපි පෙර ලිපිවලින් කියු පරිදි HTML බවට වෙබ් එක හරවාගන්න.දැන් FileZilla Client මෘදුකාන්ගය විවුර්ත කරගන්න.දැන් අප්ලොඩ් කර පරිදි හොස්ට් නෙම් ,පාස්වර්ඩ් ,යුසර් නේම් ලබදි ක්වික් කනෙට් ක්ලික් කරන්න.

දැන් ඔබ අලුතෙන් එක් කල පින්තුර වෙබ් පිටු පමනක් නැවත අප්ලොඩ් කලයුතුය.වෙබ් පිටුවක් නම් රයිට් ක්ලික් කර අප්ලොඩ් ක්ලික් කරන්න. image එකක් නම් image යනුවෙන් සදහන් folder වෙත ඇදගෙන ගොස් අත්හරින්න.ඔබ text එකක් link එකක් html හො ස්තාන වෙනස් කිරීමක් පමනක් සිදුකලහොත් එම වෙබ් පිටුව නැවත අප්ලොඩ් කිරීම ප්‍රමානවත්.
ඔබට ගැටලු සහිත තැනක් වෙතොත් එකක් Comments ලෙස පලකරන්න නැතිනම් expresslanka@gmail.com වෙත email කරන්න

වෙබ් එකක් අප්ලෝඩ් කරන් මෙහෙමයි...(ඔබේම වෙබ් අඩවියක් නොමිලේම 03)

දැන් ඔබ වෙබ් පේජ් මෙකර් මගින් ඔබේ වෙබ් එක හදාගෙන අවසන් ඇති.මීට පෙර ලිපියෙන් නොමිලේම වෙබ් හොස්ටින් ගන්න හැටිත් කියල දුන්නනේ.හරි එහෙනන දැන් බලමු ඔබ සාදාගත් වෙබ් එක අන්තර්ජාලයට මුදාහරින් නැතිනම් අප්ලෝඩ් කරගන්නේ කොහමද කියල.
මුලින්ම ඔබ වෙබ් පේජ් මෙකර් බාවිතයෙන් සාදාගත් වෙබ් එක විවුර්ත කරගන්න.දැන් පහත රැපයේ පරිදි ඔබගේ වෙබ් එක HTML බවට පරිවර්තනය කරගන්න.
ඔන්න දැන්තමයි අප්ලොඩ් කරන් හදන් එ සදහා අපි FileZilla Client කියන මෘදුකාOගය තමයි උපයෝගිකරගන්නේ.එම මෘදුකාOගය මෙතනින් ඩවුන්ලෝඩ්කර ගන්න.
මෙම මෘදුකාOගය පහත පරිදිවන අතර FileZilla Client මගින් ඔබගේ වෙබ් එක අප්ලොඩ් කරන අයුර දැන් බලමු
ඔබ වෙබ් හොස්ටින් ලබාගත් ආයතනයෙන් ඔබට වෙබ් එක අප්ලෝඩ් කිරීමට දෙන ලද තොරතුරු ඔන්න දැන් අවශ්ය වෙනවා.එම තොරතුරැ පහත පරිදි ඇතුලත් කර Quickconnect ඔබන්නකො
1.ඔබගේ domain name එක
2. ඔබගේ server user name එක
3. account එක සෑදීමට බාවිත කල password එක
4. 21 ලෙස යොදන්න
දැන් පහත කරුනු සම්බන්දව දල අවබොදයක් ලබගන්න

A යන ස්තානයට ඔබ HTML ලෙස සකසාගත් ඔබේ වෙබ් එක අඩOගු ෆෝල්ඩ්‍ර එක තිබෙන තැන ලබාදෙන්න.
එවිට B යන ස්තනයේ ඔබේ වෙබ් එකේ අඩOගු විය යුතු ෆයිල් සියල්ලම පෙන්වනුලබනවා.දැන් ctrl+a ඔබා B හි අඩOගු සියලු ෆයිල් සිලෙක්ට් කරගන්න.දැන් B හි ෆයිල් එකක් මත මවුසයේ ලෙෆ්ට් කී එක ඔබාගෙන C තිබෙන ෆොල්ඩරය උඩට ගෙනගොස් අත් හරින්න.එවිට පහත රැපයේ පරිදි වෙමින් D වෙත ෆයිල් එකතුවනු දැකිය හැක.
P යන ස්තනයේ අප්ලොඩ් වෙමින් පවතින ෆයිල් ද, Qහි ෆේල් උන ෆයිල් ද, Rහි සාර්තකව අප්ලොඩ් උන ෆයිල්ද දැකිය හැක.
දැන් ඔබගේ වෙබ් එක සාර්තකව අප්ලොඩ් කර අවසානයි.
ඔබගේ වෙබ් ලිපිනයට ගොස් වෙබ් එක දර්සනය වෙනවද බලන්න දර්ශනය නොවන්නේනම් ප්‍රදාන පිටුව index.html ලේස රිනේම් කරගන්න.
දැන් ඔබ සාර්තක අලOකාර ඔබේම වෙබ් පිටුවක් සදාගෙන අවසානයි.මීලගට එය ප්ඩෙට් කරගන්න අයුර සහ .TK ලෙස full domain එක්කක් කරගන්න අයුර බලමු.
www.expresslanka.tk

නොමිලේ වෙබ් හොස්ටින් ලබාගැනීම.........(ඔබේම වෙබ් අඩවියක් නොමිලේම 02)

නොමිලේ වෙබ් හොස්ටින් ලබාගැනීම සදහා ප්‍රතමයෙන්ම
www.000webhost.com
www.zymic.com
වෙබ් අඩවි දෙකෙන් එකකට පිවිසෙන්න.
මේ ලිපිය අවසානයේ නොමිලේ හොස්ට්න් ගත හැකි තවත් වෙබ් අඩවි වල ලිපින ලබාදෙන්නම්. 000webhost අඩවියෙන් නොමිලේ හොස්ටින් ගන්නා අයුරු මිලගට බලමු.
www.000webhost.com වෙත පිවිසෙන්න

oder now ක්ලික් කර පසු ඔබට පහත පරිදි form එකක් ලැබෙන අතර එය නිවරදිව පුරවන්න
දැන් www.000webhost.com වෙත පිවිස මෙම්බර් ඒරිආ ක්ලික් කර ඔබගේ ගිනුමට පිවිසෙන්න
පහත පරිදි පිටුවක් ඔබට ලැබෙන අතර එහි go to c panel ක්ලික් කරන්න
ඔබගේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදාහැරීම සදහා අදාල අප්ලොඩ් කිරීමට අව්ශ්ය තොරතුරු 3ක් මෙහි පසෙකින් ඇත එය මතක තබාගන්න
නොමිලේ වෙබ් හොස්ට් ගන්න තවත් වෙබ් අඩවි www.t35.com
www.3web.me
www.50webs.com
ඔබ සාදාගත් වෙබ් එක අප්ලොඩ් කරගන්නා අයුරු සහ අප්ඩෙට් කරගන්නා අයුරු මිලගට බලමු.
www.expresslanka.tk

අන්තර්ජාලයෙන් මුදල් උපයන අයට් වෙබ් එකක් තිබුනනම් වෙඩෙ තවත් හොදයි නේද..........(ඔබේම වෙබ් අඩවියක් නොමිලේම 01)

අන්තර්ජාලයෙන් මුදල් උපයන අයට වෙබ් අඩවියක් තිබුනනම් එක තවත් සාරතක වෙයි කියල හිතුන නිසා ඔබට නොමිලේම තමන්ගේම වෙබ් එකක් හදාගන්න විදිය කියල දෙන්න තමයි මේ සුදානම.මේ සදහා අපි පියවරෙන් පියවර සුදනම් වෙමු.මුලින්ම අපිට අවශ්ය වෙන්නේ වෙබ් පේජ් මේකර් කියන මෘදුකාOගය.මෙතනින් වෙබ් පෙජ් මෙකර් ඩවුන්ලොඩ කර ගන්න.දැන් එය ඔබගෙ පරිගනකයේ ස්තාපිත කරගන්න.ඔබට ඔය ලැබෙන මෘදුකාOගය.දින 15යි වලන්ගුවන්නේ.එමනිසා පහත සීරියල් නො එක යොදාගෙන වෙබ් පෙජ් මෙකර් ඇක්ටිවුකරගන්න.
51839-55388-24632-37049
26849-51453-28567-62039
18045-36179-43841-70843

දැන් බලමු වෙබ් පෙජ් මේකර් මගින් වෙබ් එකක් නිර්මානය කරගන්නා අයුර
පහතින් දැක්වෙන්නේ වෙබ් පෙජ් මේකර් මෘදුකාOගයයි.HTML වැනි භාෂාවක් නොදැන උවද මෙමගින් සාර්ත්ක අලOකාර වෙබ් අඩවියක් නිර්මානය කර ගත හැක.
මුලින්ම file වලින් කෙරෙන වැඩ කෑල්ල බලමු
Edit වලින් කෙරෙන වැඩ ටික
Pege වලින් කෙරෙන වැඩ ටික


ලොකුම වෙඩ ටික තියෙන් මෙතන අල්ල ගත්තොත් වඩේ ගොඩ
මෙතනින් වෙබ් එක නිර්මානය කරන අයුරැ තවත් සරලව ඉගෙන ගත හැක
දැන් දන්න වැඩ ඔක්කොම දාල වෙබ් එකක් හදාගන්නකො. නොමිලේ වෙබ් හොස්ටින් ගන්න විදිය සහ අප්ලොඩ් කරන විදිය ඉලගට කියල දෙන්නම් කො.

odesk අමතර විශේෂ හැකියාවක් අනවශ්‍ය පහසු ‍රැකියා.........

01. මේකේ කරන්න තියෙන ලේසිම ජොබ් එක capcha ටයිප් කරන එක.
වැඩේ කරන්නේ මෙහෙමයි. අපිව හයර් එකට ගන්න පුද්ගලයා දෙනවා User Name එකක් හා මෘදුකාංගයක්. ඒකේ නම ttt2 ocrworker. අපි වෙබ් අඩවියක හෝ ලේසියෙන්ම කීවොත් බක්ස් අඩවියක රෙජිස්ටෙර් වීමෙදී අපට ටයිප් කිරීමට ලබාදෙන capcha එක මතක ඇති. ඒ වගේ අකුරු ඇද, ඒ වගේම වචන දෙකකින් සමන්විත වාක්‍යක් අපිට මේ මෘදුකාංගයෙන් ලබාදෙනවා. ඒක ටයිප් කරන්න ඉඩක් පහලින් තියෙනවා. අපිට තියෙන්නේ ඒ ඉඩ තියෙන තැන ඒ වචනේ ටයිප් කරන්න. ටයිප් කරලා Enter ඔබනවා. එතකොට තව වාක්‍යක් ලැබෙනවා. මෙහෙම මෙහෙම දිගටම වාක්‍ය ටයිප් කරන්න ඕනේ.
මුදල් ගෙවන්නේ මෙහෙමයි.
10k කට $60; 1k= නිවරදි ඇතුලත් කිරීම් 1000
මේ ‍රැකියාව ඕනෙනම් Capcha typing, Image to text, jpg to text, Pdf to Word කියලා search කරන්න

02. Copywriting කියන්නේ හොද ඉංග්‍රීසි දැනුමක් තියෙන කෙනෙකුට කරන්න පුලුවන් ‍රැකියාවක්.
මේ ‍රැකියාවේ කරන්න තියෙන්නේ මෙහෙම දෙයක්. අපිට ඔවුන් ප්‍රසිද්ධ වෙබ් අඩවියක නමක් ලබාදෙනවා. ඒ කියන්නේ සී-නෙට්, සොෆ්ට්-පීඩියා, ටූ-කව් වගේ වෙබ් අඩවියක්. අපිට කරන්න තියෙන්නේ ඒ අඩවියේ පවතින ලිපි තමන්ගේ වචන වලින් නැවත ලියන්න. ඇත්තම කීවොත් මේ කියන්නේ අහුවෙන්නේ නැතිවෙන්න ලිපිය කොපි කරලා දෙන්න කියලා. හොදට ගෙවනවා. ස්ථීර මිලක් නම් සදහන් කරන්න බෑ. ඒත් වචන 100කට $1 ක් විතර ගෙවනවා. හැබැයි හොද, සුපිරි ඉංග්‍රීසි දැනුමක් තියෙන්න ඕනේ. ඔරිජිනල් ලිපියේ තියෙන කිසිම වාක්‍යක් නව ලිපියේ තියෙන්න බෑ. එහෙම තිබ්බොත් අහුවෙනවාමයි. හොර කරන්නනම් බෑ. හොර කරලා කාපු චාටර් මං වෙන ලිපියකින් කියන්නම්.
03. Article Writing මෙකටත් නම් හොද ඉංග්‍රීසි දැනුමක් ඕනේ.
රැකියා ලාබාදෙන්නා දෙනවා මාතෘකාවක්. උදා: dental, bodybuilding, health, exercise මේ වගේ බොහෝවිට විද්‍යාවට නැබුරු මාතෘකාවක් තමා ලබාදෙන්නේ. ඉතින් අපි කරුනු හොයාගෙන, විකිපීඩියා වගේ විශ්වකෝශ උදව් කරගෙන ලිපි ලියන්න ඕනේ. හැබැයි කොපි-පේස්ට් කරලානම් හරියන්නේ නෑ. මෙහෙම කියන්නේ කොපි-පේස්ට් කරලා නෝන්ඩි වෙලා තියෙන නිසා. අලුතෙන්ම ලියන්න ඕනේ. සාමාන්‍යයයෙන් Copywriting වගේම මේකටත් ගෙවනවා. හැබැයි මෙහෙම වැඩක් කරන්න පුලුවන්. ඉන්ට්නෙට් එකෙන් සර්ච් කරන්නේ නැතිව, පුස්තකාලෙන්, හෝ වෙනත් මුද්‍රිත ලිපියකින් උපුටාගන්න පුලුවන්. මම මුලින් කීවේ කපටිකමත් ටිකක් ඕනේ කියලා. හැබැයි ටයිප් කරන්න කලින් ඒ විස්තර ඉන්ටනෙට් එකේ තියෙනවද හොයලා බලලා ටයිප් කරන්න. ඉන්ට්නෙට් එකේ නැත්නම් ඉතින් මල්ල කරේ. සාමාන්‍යයෙන් වචන 400 බැගින් වූ ලිපි 100ක් විතර එකවර ලියන්න ලබාදෙනවා. එතකොට ගෙවීම් මුලු එකතුව $100ක් විතර ගෙවනවා. ගොඩ නේද?

04. Customer Service & Support, Phone Support මේකට මයික් එකක්, වෙබ් කැම් එකක් සහ ඉංග්‍රීසි දැනුම ඕනෙ වෙනවා.
පලමුව ‍රැකියාව ලබාදෙන්නාගේ වෙබ් අඩවිය හොදට පීරලා, හොද අවබෝධයක් ඇරගෙන, ඔවුන්ගේ නීති රෙගුලාසි කියවලා වැඩේට බහින්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ හේඩ් ෆෝන් එක ගහගෙන, වෙබ් කැම් එක ඔන් කරගෙන බලාගෙන ඉන්න. සුද්දෝ කථාකරලා ඔවුන්ට එම අඩවිය ගැන තිබෙන ගැටලු යොමුකරාම, ඔබ ඒවා විසදලා දෙන්න ඕනෙ. මෙම ‍රැකියාව ලබාදීමට පෙර කොන්ත්‍රාත්තුව ලබාදෙන්නාගේ පාර්ශවයෙන් තිබෙන ඉන්ටෙවීව් එක ඔබ විසින් සමත්විය යුතුයි. ගෙවන්නේ පැය ගානට. සාමාන්‍යයෙන් පැයකට $6 ක් විතර ගෙවනවා.
05. Email Response Handling මේකත් එක්තරා විදියක Customer Service & Support එකක්.
පලමුව ‍රැකියාව ලබාදෙන්නාගේ වෙබ් අඩවිය ගැන හොද අවබෝධයක් ඇරගෙන ඊ-මේල් මගින් නැගෙන ගැටලු වලට පිලිතුරු සැපයීමයි කරන්න ඕනේ. මේක ටිකක් පහසුයි. දිනකට දෙවරක් තුන්වරක් ඉන්බොක්ස් එක බලලා රිප්ලයි කලාම ඇති. ගෙවන මුදල හරියටමනම් කියන්න බෑ. හැබැයි හොද ගානක් හම්බකරන්න පුලුවන් කියලානම් විශ්වාසයි.
මමනම් කියන්නේ මොකක්හරි Programming Language එකක් ඉගෙනගන්න. එතකොටනම් ගොඩේ ගොඩ. ගොඩක් ‍රැකියා තිබෙනවා. අනිවාර්යෙන් එක ප්‍රොජෙක්ට් එකකට $100 පන්නලා ගෙවනවා. හරි හමන් වැඩකාරයෙක් නම් දිනකට $100ක් විතර හොයන්න පුලුවන්.
ඒ වගේම හැමෝම හොයන්නේ ලේසි පහසු ‍රැකියා. ඒ කියන්නේ විශේෂ දක්ශතාවයක් නැතිව කරන්න පුලුවන් ‍රැකියා. ඒ නිසා එක ජොබ් එකකට දමන ඉල්ලුම් ප්‍රමානය වැඩියි. ඒ නිසා අපිට එය ලැබෙනවාට වඩා නොලැබෙනා සම්භාවිතාව වැඩියි. ඒකට ඉතින් කරන්න තියෙන්නේ මං අර කලින් කියපු විදියට ජොබ් ඉල්ලුම් පත්‍රය සිත්ගන්නා සුලු විදියට දාන්න.

ඒ වගේ නෙවෙයි වගේ Java, Flash ඉගෙන ගත්තනම් ඉල්ලුම් කරපු ගමන් ලැබෙනවා. අපිට තියෙන්නේ පුලුවන් ඉක්මනට එය කරලා දීලා මුදල් වගේම oDesk හි වැඩි ලකුනු ප්‍රමානයක් ලබා කැපීපෙනෙන කොන්ත්‍රත්කරුවෙකු වීමයි. එතකොට ඉතින් e-money සිහිනයක්ම නොවේ.
The On Demand Global Workforce - oDesk
ජොබ් එකකට ඉල්ලුම් කරන ආකාරය

අවශ්‍ය දේවල්:
තරමක් දුරට හොද ඉංග්‍රීසි දැනුමක් පමනයි

පියවර 1

http://www.odesk.com/jobs/?g=&clear_button=1 වෙත පිවිසෙන්න. ඔබේ දක්ශතා අනුව keyword එකක් ඇතුලත් කර Search කරන්න.
උදාහරන:
Word, Excel, Access, PowerPoint, HTML, Flash, Programming, Graphic Design

පියවර 2

මම Graphic Design කියලා Search කරනවා, මට ආපු රිසල්ට් එකේ එක බලන්න.

oDesk හි ‍රැකියා ලබාදෙන ක්‍රම දෙකක් තියෙනවා.
  1. වැඩ කරන පැය ගණනට ගෙවීම. (ලානිල් පැහැයෙන් සලකුනු කර ඇත)
  2. සම්පූර්ණ කොන්ත්‍රාත්තුව සදහාම මුදලක් ගෙවීම. (රතු පැහැයෙන් සලකුනු කර ඇත)
කොහොමහරි කමක් නෑ අපේ අතට සල්ලි ලැබෙනවානම්.
මෙහෙම දෙයක් තියෙනවා. oDesk මගින් කරන්නේ කොන්ත්‍රාත්කරුවා සහ සේවකයා සම්බන්ද කිරීමක් පමනයි. මුදල් ගෙවීම් පිලිබද අපට කොන්ත්‍රාත්කරුවාව විස්වාස කරන්න වෙනවා. කොහොමත් කවුරුත් හොර බොරු කරන්නේ නෑ. ගානක් පොරොන්දු වුනොත් ඒක අනිවාර්යෙන් ගෙවනවා.

ඊට පස්සේ එන Search රිසල්ට් එක හොදට කියවලා , ඔබට අනිවාර්යෙන් නිම කිරීමට හැකි, කොන්ත්‍රාත්කරුවා කිරීමට කියලා තියෙන දේ හොදට තේරෙන ජොබ් එක ‍තෝරලා ඒක අයිනේ ඇති Apply බොත්තම ඔබන්න.

පියවර3
  • ඔබ තොරා ගත්තේ වැඩ කරන පැය ගණනට ගෙවීම ගෙවීම් කරන ‍රැකියාවක්නම් මෙහෙම පේජයක් ලැබේවි. එය රූපයේ පෙනෙන පරිදි පුරවන්න.

    මිලගනන් දාන්නේ මෙහෙමයි:
*Word, Excel, Access, PowerPoint, Data Entry සදහා $3.6 හෝ $4.5
*Programming, Graphic Design, Flash සදහා $10.8 හෝ $13.5
  • ඔබ තොරා ගත්තේ සම්පූර්ණ කොන්ත්‍රාත්තුව සදහාම මුදල ගෙවීම් කරන ‍රැකියාවක්නම් , එයද මෙලෙසපුරවන්න
    මිලගනන් දාන්නේ මෙහෙමයි:
    seach රිසල්ට් එකෙහි (රතු පැහැයෙන් සලකුනු කර ඇත) ඔහු අපට ගෙවන මුදල සදහන්ය. ඔබ මේ සදහන් මුදලෙන් 75% ක මුදලක් ඉල්ලුම් කරන්න. මේ ජොබ් එකේනම් සදහන් මුදලෙන් 75%ක් කියනුයේ $7.5කි.
  • Cover Letter: යන්න ඔබ අනිවාර්යෙන් පිරවිය යුතුයි. මෙන්න මෙතනින් තමා කොන්ත්‍රාත්කරුවාගේ හිත දිනාගන්න ඕනේ. ඔබේ ඉංග්‍රීසි දැනුම ඕනේ වෙන්නේ මෙන්න මෙතනදී තමා
උදාහරන 1

Sir/madam,
Over the last 12 years in my experience, I have developed many different types of 3D animations and digital compositions for commercial spots, institutional purposes, campaings, etc. My work is to become real the people ideas, for that reason, every single project is for me a challenge. I also have some experience in Video Edition, Graphics designs, Image arts and Phomontage. My reel at: http://www.youtube.com/watch?v=QHoeSIPGNIo
Thank You!

උදාහරන 2

Sir/madam,
I take pride in my work and I am not satisfied until my customers are satisfied. I believe communication is the key to a successful working relationship. I am an experienced front end developer with html, xhtml, css, javascript, ajax, photoshop, jquery. I have been a full time corporate employee, a contractor, and a self employed web designer. I am currently learning kohana php framework!
Thank You!

ඔබ මේවා භාවිතාකරන්න එපා. මම මේක ලබාගත්තේ සුද්දෙකුගේ එකවුන්ට් එකකින්, ඔබට නොහැකිනම් ඉංග්‍රීසි හොදට දන්නා කෙනෙකුගෙන් අසා දැනගෙන හෝ සිත් ඇදගන්නා සුලු ලිපියක් එකතුකරන්න.
  • ඔබ Word, Excel, Access, PowerPoint සදහා අයදුම් කරන්නේ නම් Attachment: යන තැනට අනිවාර්යෙන් ඔබේ දක්ශතාව මනාව පිලිබිබු වන පරිදි සාම්පල් එකක් අමුණන්න.
  • හැමදේම සිත් ඇදගන්නා සුලු විදියට කරන්න. ඊට පස්සේ Apply to this Job යන්න ඔබන්න. දැන් වැඩේ සම්පුර්ණයි. මේ විදියට ඔබට ජොබ් 10ක් දක්වා ඉල්ලුම් කරන්න පුලුවන්.
  • මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවානම් කොමෙන්ට් එකක් දාන්න.
මෙය කොටස් දෙකකින් පල කරන්නයි සූදානම. අද සර්ව සම්පූර්නව එකවුන්ට් එකක් හදන හැටි කියලා දෙන්නම්. ජොබ් වලට ඉල්ලුම් කරන හැටි තව පොස්ට් එකකින් කියලා දෙන්නම්.
අවශ්‍ය දේවල්:
  • oDesk ගිනුමක්
  • PayPal ගිනුමක්
  • තරමක් දුරට හොද ඉංග්‍රීසි දැනුමක්
  • සතියකට පැය 15ක් වැයකිරීමේ හැකියාව
  • උනන්දුව, උත්සාහය හා කපටිකම
The On Demand Global Workforce - oDesk

පියවර 1
  • oDesk ගිනුමක් http://www.odesk.com වෙත පිවිස සැදීම
  • එහිදී Sign up as:Freelance Contractor යන්න තොරන්න
  • ඉන්පසු ඔබගේ සත්‍ය නම්, ගම් හා අනෙකුත් විස්තර ඇතුලත් කරන්න
පියවර 2
  • https://www.odesk.com/account.php වෙත පිවිසෙන්න; සියලු තොරතුරු නිවරදිව ඇතුලත්වී ඇත්දැයි සැකහැර දැනගන්න.
  • http://www.odesk.com/d/profile.php වෙත පිවිසෙන්න; My Account Summary යන්න පහත ලෙස පුරවන්න
Title: #1 Professional worker (ඔබට මීට වඩා හොද, අර්ථවත් හැදින්වීමක් ඇතුලත්කල හැකියි)
Portrait: Upload portrait (ඔබේ සත්‍ය, වැදගත් පෙනුමින් ඇති ජායාරූපයක් ඇතුලු කරන්න)
Personal Email: 123blabla@gmail.com (ඔබේ ඊමේල් ලිපිනය ඇතුලු කරන්න)
Hourly Pay Rate: $4.50
Hourly Bill Rate: $5.00
oDesk Ready : Yes** (මෙහිදී ඔබ මේ විභාගය අනිවාර්යයෙන් සමත් විය යුතුය)
Profile completeness: (මෙය 40%ට පමන වැඩි වන තුරු ඔබේ තොරතුරු ඇතුලු කරන්න)
Job Application Quota: (සාමාන්‍යයෙන් 10ක් ඇත)
** oDesk Ready මෙහිදී ඔබ මේ විභාගය අනිවාර්යයෙන් සමත් විය යුතුය. නැතහොත් ඔබට කිසිදු ‍රැකියාවක් කිරීමට නොහැකි වනු ඇත. ඔබේ එකෙහි NO යන්න ඇත. ඔබ කල යුත්තේ එහි ඇති ලින්ක් එක භාවිතා කර විභාගය ලබාගැනීමයි. ඔබේ පහසුව පිනිස පිලිතුරු මා විසින් ලබාදෙන්නෙමි. මේ ලින්ක් එකෙන් ලැබෙන පේජයත්, ඔඩෙස්ක් පෙපර් එකත් සසදමින් විභාගය පාස් වීම ඔබගේ ප්‍රධානම ක්‍රියාවයි.
Profile Access: Public
Display Name: Full Name
Primary Role: Data Entry Professional
Title: #1 Professional worker (ඔබට මීට වඩා හොද, අර්ථවත් හැදින්වීමක් ඇතුලත්කල හැකියි)
Weekly Availability: 15 of 15 hrs
oDesk Ready : Yes
Years of Experience: 3
English: 4 stars (5ක් නොදා 4ක් දමනුයේ ඔබෙ පසු කාලීන යහපත සදහායි. එහෙත් ඔබ ඉංග්‍රීසි විශයට අති දක්ශනම් පමනක් 5 යොදන්න)
Objective: {blank}
  • ඔබ කැමතිනම් http://www.odesk.com/d/profile.php හි ඇති අනෙකුත් තොරතුරුද පුරවන්න.(එහෙත් මෙය අවශ්‍යම නොවේ)
  • https://www.odesk.com/payments.php වෙත පිවිස ඔබේ PayPal ගිනුම ඇතුලත් කරන්න;

    Payoneer Debit Card යන්නෙහි රෙජිස්ටර් වීම මගින් නොමිලේ oDesk හරහා Payoneer Debit කාඩ් එකක් ගෙදරටම ගෙන්වාගත හැකියි. එහෙත් එය අවශ්‍යම නොවේ. PayPal ගිනුම හොදටම ප්‍රමානවත්ය.


    දැන් ඔබ සතියකට දහස් ගනනින් උපයන්න සූදානම් වන්න.

oDesk පේපර් එක

oDesk එකේ Online ජොබ් එකක් කරන්න Odesk Ready Test නම්වූ විභාගය සමත්වීම අනිවාර්ය වෙනවා. ඒක සමත් වෙන්නනම් ඒගොල්ලන්ගේ Agreements කියවලා හොද අවබෝදයක් තියෙන්න ඕනේ. මේක මහ කම්මැලි වැඩක්. සුද්දන්ගේ දෙමල අපිට තේරෙනවයැ. ඔන්න එහෙමම් ඒ පේපර් එක එක ටැබ් එකකින් ඕපන් කරගෙන මේ පේජ් එක තව ටැබ් එකකින් ඕපන් කරගෙන හොර නොකර කොපි කරන්ඩෝ...............